බිරිඳගේ මරණයට දොස්තරට පිහියෙන් ඇනලා



ඊජිප්තු ජාතිකසැමියකුගේ බිරිඳ මියයෑම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වගකිව යුතු බවට චෝදනා කරමින් මියගිය කාන්තාවගේ සැමියා පිහි ඇනුමක් සිදුකර ඇති බව වාර්තා වේ.

දරු ප්‍රසූතියේදී තම බිරිඳ මියයෑමටවෛද්‍යවරයා වගකිව යුතු බවට චෝදනා කරමින් වෛද්‍යවරයාගේ පිටුපස ප්‍රදේශයට පිහියකින් ඇන ඇති අතර, පසුව එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරයා ජලය පානය කරමින් සිටියදී තියුණු පිහියක් රැගෙන ඇන ඇති අතර,  වෛද්‍යවරයාව වහාම දැඩි සත්කාර ඒකකයට මාරු කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(sGDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS