ඉන්දියාවත් සෞදියත් අතරේ ප්‍රධාන ගිවිසුම් 4 ක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සෞදි සංචාරය අතරතුරේ, ඉන්දියාවත් සෞදියත් අතරේ නව ද්වී පාර්ශ්වීය ගිවිසුම් 4 කට අත්සන් තැබීම සිදුවිය.
සෞදි කුමරුගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු උපාය මාර්ගික වශයෙන් වැදගත් එම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදුවිය.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු වෙඩි තැබීම හේතුවෙන්, සෞදි සංචාරය අතරමඟ නවතා ආපසු නවදිල්ලිය බලා පැමිණීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඒ, සෞදි කුමරු සූදානම් කළ රාත්‍රී භෝජන සංග්‍රහ මඟහරිමිණි.
(එන්.ඩී.ටීවී.)