සිරියාවේ ගැටුම්වලින් 1,000 ක් මැරිලා
සිරියානු විපක්ෂය සහ විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් එක් වී පිහිටුවාගත් සිරියානු නව අන්තර්වාර රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පලාගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂපාතී, අලවීට්ස් සුළු ජාතීන් නියෝජකය කරන සටන්කාමීන් අතරේ පැවැති දරුණු අවි ගැටුම්වලින් මියගිය ගණන 1,000 දක්වා ඉහළ ගොස් ඇත.
රුසියාවට පලා ගිය ජනාධිපති අසාද් ෂියා මුස්ලිම්වරයෙක් වන අතර, අලවීට්ස් යනු සිරියාවේ ෂියා මුස්ලිම් සුළුතරයයි. අසාද් ද අලවීට්ස් සුළු ජාතිකයන්ගෙන් කෙනෙකි.
අලවීට්ස් වැසියන් ජීවත් වන්නේ ලටාකියා සහ ටාර්ටස් යන පළාත්වලය. මොවුන් සිරියානු ජනගහනයෙන් සියයට 12 ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.
සිරියානු අන්තර්වාර රජයේ හමුදා, අසාද් හිතවාදී මෙම අලවීට්ස් වැසියන්, රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකීමත් සමඟ, දෙපාර්ශ්වය අතර ගැටුම් ඇරැඹිණි. එම ගැටුම්වලින් රජයේ ආරක්ෂක අංශ සාමාජියන් 200 ක් සහ අලවීට්ස් සටන්කාමීන් 148 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(අල් ජසීරා)