පලස්තීනය සේල් දාලා නෑ: අබ්බාස්
ගාසා තීරයේ ජීවත් වන පලස්තිනුවන්, වෙනත් රටවල පදිංචි කරවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගෙන ඇති තීරණයට පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපතිවරයා වන මොහොමඩ් අබ්බාස් දැඩි විරෝධය පළ කර ඇත. ඒ, පලස්තීනය ‘විකුණන්නේ නැහැ’ බව පවසමිනි.
පලස්තීනය යනුවෙන් තනි රාජ්‍යයක් නැත. පලස්තීනය යනුවෙන් සැලකෙන්නේ හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය සහ පලස්තීන පාලන අධිකාරිය යටතේ පාලනය වන බටහිර ඉවුරය. මෙම භූමි ප්‍රදේශ දෙක ඇත්තේ එකිනෙකට ඈතිනි.
පලස්තීනුවන්ට අයත්, පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, එය සංවර්ධනය කර ආපසු පලස්තීනුවන්ට පවරා දීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ට්‍රම්ප් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.
පලස්තීන වැසියන්, පලස්තීනයේ පාලනය මෙහෙය වන හමාස් සංවිධානය, බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරිය, පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහුමුද් අබ්බ්ස්, ට්‍රම්ප්ගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ, ට්‍රම්ප් පලස්තීනුවන් ජනසංහාරයකට ලක් කිරීමට සූදානම් වන බවය.
හමාස් සංවිධානය තරයේ පවසා ඇත්තේ, පලස්තීන වැසියන්ට තර්ජනයක් වන ආකාරයට ට්‍රම්ප් ගාසා තීරය අත්පත් කර ගැනීමට යෝජනා කිරීම නීති විරෝධී බවත්, කිසිසේත් ඊට ඉඩ ලබා නොදෙන බවත්ය.
(ඒ.එෆ්.පී.)