නැත්තටම නැතිවුණු ඩෝඩෝ
ඩොඩෝ (Raphus cucullatus), යනු මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලොවෙන් වඳ වී ගිය කුරුලු විශේෂයකි. මෙම කුරුල්ලන් ඉන්දියන් සාගරයේ පිහිටි මුරුසි දූපතට පමණක් ආවේණිකය පක්ෂියෙකි. මේ සත්වයා කුරුල්ලෙකු වුවත් පියඹා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙකි.
පසු කලෙක ඔවුන් වදවී යාමේ තර්ජනයට ලක්ව සහමුලින් ම මිහිමතින් තුරන්ව ගොස් ඇත. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිමතින් වඳ වූ ජීවි විශේෂ අතරින් ප්‍රසිද්ධ ම උදාහරණයක් ලෙස ඩෝඩෝ හැඳින්විය හැකි යි. පරෙවියන්ට දුරස්ථ නෑකම් දක්වන මේ සත්ත්වයා ගේ ඉතිහාස කතාව එතරම් ම වේදනාබර ගෙන දෙන්නකි.
1598 දී ඕලන්ද (ලන්දේසි) ජාතික දඩයක්කරුවන් මෙම දූපතට පැමිණීමත් සමග ඔවුන් මෙම පක්ෂින් ආහාර සඳහා දඩයම් කර ඇත. ලන්දේසි නැව් වලින් මීයන්, ඌරන්, වඳුරන් ,බල්ලන් වැනි සතුන්ද මුරුසියට පැමිණ ඇත. උන් කුරුල්ලන්ගේ බිත්තර කා දැමීම නිසාත් 1662 වෙද්දී ඩෝඩෝ මිහිතලයෙන් ම තුරන් විය.
අද ඩෝඩෝ කුරුල්ලන් දක්නට නැත. අද ඇත්තේ ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ පොසිල කොටස් පමණි. ලන්දේසි නාවිකයන්ගේ සිතුවම් අනුව, ඩෝඩෝ අළු සහ සුදු පැහැති කුරුල්ලෙකි. කෙසේ නමුත් සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඩෝඩෝ ලා අළු, නිල් පැහැයේ සිට අළු දුඹුරු පැහැය තෙක් වර්ණවත් වුණු කුරුල්ලෙක් බවයි.
ඩෝඩෝ යනු කුඩා හෝ කෙටි පියාපත් සහ ශක්තිමත් පාද සහිත සත්ත්වයෙක්. තරමක් විශාල හොටයකුත් ඔවුන්ට තිබී ඇත. ඩෝඩෝ පක්ෂියෙක් සාමාන්‍යයෙන් අඟල් 27 ක් දක්වා උසකට වර්ධනය වන බව අධ්‍යයන මගින් සොයාගෙන ඇත. ඔවුන්ගේ ශරීර බර කිලෝග්‍රෑම් 13 සිට 20 දක්වා පරාසයකට වැඩිවිය හැකි අතර, ගැහැනු සතුන්ට වඩා පිරිමි සතුන් සාපේක්ෂව විශාලවේ. ඩෝඩෝ අයත් වන්නේ පරෙවියන් සහ කොබෙයියන් අයත් ව රැපිනේ නමැති කුරුලු පවුලටය. ඩෝඩෝට වඩාත් සමීපතම කුරුල්ලා ලෙස සැලකෙන්නේ නිකොබාර් පරෙවියා ය.
නිකොබාර් පරෙවියා
මීට අමතරව ඩෝඩෝ යනුවෙන් මුරුසියටම ආවේනික වූ ගස් වර්ගයක් තිබී ඇති අතර මෙයත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව සොයාගෙන ඇත. ඩෝඩෝ ගසත් ඩෝඩෝ පක්ෂියාත් අතර සහ ජීවනයක් ගොඩ නැගී තිබී ඇත. ඩොඩෝ ශාක බීජවල බීජ ආවරනය බොහෝ ඝනය. ඩෝඩෝ පක්ෂින් මෙම බීජ ආහාරයට ගත් පසු ඔවුන්ගේ අහාර මාර්ගය හරහා ගොස් බීජාවරනය මෘදු වී වැටෙන වැටෙන තැන්වල පැල වී ඇත. එම නිසාම කුරුල්ලන් වඳවී යාමත් සමඟම ගසුත් වඳ වී යාමට පටන් ගෙන ඇත. නැත්තටම නැතිවුන දෙයක් කියන අර්ථය ඇති ඉංග්‍රිසි වාක් සම්ප්‍රදායික යෙදුමක් තැනී ඇත්තේ මෙමගිනි. ඒ As dead as the dodo නැතිනම් As dead as a dodo. යන්නය.
අන්තර්ජාලය ඇසුරිනි
ජයනි සිතාරි අල්විස්