ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 10,500 ක් මරුට



ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 10,500 පසු කර තිබේ. තවමත් හමාස් ග්‍රහණයේ ඊශ්‍රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ.

මානුෂීය සටන් විරාමයකට යන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් දිගින් දිගටම ඉල්ලා සිටී. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තරයේ පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක සටන් විරාමයකට නොයන බවය.

ඊශ්‍රායල හමුදා ගුවනින් පමණක් නොව, මේ වනවිට ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. ගාසා නගරය වට කර පහර දීමට පටන් ගනිද්දී, ගාසා නගරයෙන් පිටවී ගිය පලස්තීන වැසියන් ගණන 50,000 කි.


RECOMMEND POSTS