බකමූණු ගිරවා කැකපෝ
කැකපෝ ගිරවා "බකමූණා" යන අන්වර්ත නාමයෙන්ද හැඳින්වේ. මෙම ගිරවාගේ මුහුණ බකමූණෙකුගේ වැනි ලක්ෂණ තිබෙන නිසා මෙම නාමය භාවිතා කරනු ලබයි.
අවාසනාවකට අදවන විට ජීවතුන් අතර සිටින්නේ කැකපෝ ගිරවුන් 248 ක් පමණි. විලෝපිකයන්ට ගොදුරු වීම, රෝග, වාසස්ථාන අහිමි වීම වැනි හේතු නිසා ඔවුන් දැඩි වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ.
මොවුන් දිවාචර මෙන්ම නිසාචර පක්ෂීන් විශේෂයක් වන අතර කැකපෝ යනු පියෑඹිය නොහැකි ගිරා විශේෂයකි. නවසීලන්තය නිජ බිම කරගත් ඔවුන්, දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂයකි.
එම නිසා ඔවුන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්ද දැනටම ක්‍රියාත්මකව පවතී. එම වැඩපිළිවෙළට අනුව කැකපෝ ගිරවුන් දැඩි සංරක්ෂණ ක්‍රියාදාමයක් තුළ නවසීලන්තයේ අද සුරක්ෂිත ව ජීවත් වේ.
බකමූණෙකුගේ වැනි මුහුණක් තියෙන නිශාචර, පියාසර කළ නොහැකි, භූමි ගිරා විශේෂයක් වන මොවුන් පියාසර කරන්න බැරි වුනත් ගස් නැගීමේ හපනුන්ය.
එමෙන්ම ලොව බරින් වැඩිම ගිරවා වන්නේද කැකපෝ ය. පිරිමි සතුන්ට වඩා ගැහැනු සතුන් ප්‍රමාණයෙන් කුඩා වන අතර ගැහැනු සතුන් 1.4 kg ක් පමණ බරින් ද පිරිමි සතුන් 2.2 kg ක් පමණ බරින් ද යුක්ත වේ.
ආයු කාලය වසර 90 - 100 අතර රැඳමින් කැකපෝ ලොව දීර්ඝතම ආයුෂ හිමි කුරුල්ලන්ගේ ඇස්තමේන්තුවටත් පැමිණ තිබේ.