පෘථිවියට සමාන තවත් ලොවක් හමුවෙලා
‘කොවිඞ් 19‘ හෙවත් නව කොරෝනා වයිරස හුටපට මැද අප පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000 ක් දුරින්, පෘථිවියට සමාන, පෘථිවිය මෙන්ම තරුවක් වටා භ්‍රමණය වන බාහිර් ග්‍රහයකු සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ.
බාහිර් ග්‍රහයන් යනු අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග්‍රහයන්ය. මෙම නව ග්‍රහයා නම් කරනු ලැබ ඇත්තේ ‘කේ. ඕ.අයි. 456.04’ යනුවෙනි.
නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහයා සොයා ගත්තේ කෙප්ලර් දුරේක්ෂය ආධාරයෙනි. විශ්වයේ රඳවා ඇති කෙප්ලර් දුරේක්ෂයේ අරමුණ, පෘථිවියට සමාන විශ්වයේ ඈත පිහිටි ග්‍රහයන් සොයා ගැනීමය. මේ වනවිටත් පෘථිවියට සමාන ග්‍රහයන් රැසක් කෙප්ලර් විසින් සොයා ගනු ලැබ ඇත.
පෘථිවියේ අපට ජීවය දෙන සූර්යයා තරුවකි. ‘කේ. ඕ.අයි. 456.04’ නමැති මෙම ග්‍රහයා භ්‍රමණය වන තාරකාවෙන් සියයට 93 ක ආලෝකයක් ග්‍රහයා මත පතිත වෙයි. පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන්නේ ද එවැනි ආලෝක ප්රතිශතයකි. ඒ අනුව, ‘කේ. ඕ.අයි. 456.04’ පෘථිවිය මෙන්ම ජීවත්වීමට සුදුසු ලොවක් බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නාසා පුවත් ඇසුරිනි