පුද්ගලයෝ 497ක් පිටුවහල් කරලා



කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පුද්ගලයන් 497ක් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

නේවාසික වීසා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පිරිස අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත.

පසුගිය දින හතර තුළ පුද්ගලයන් 385 දෙනෙකු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී ලෙස  කම්කරුවන් ගෙන්වා ගන්නා පුද්ගලයන්ට සහ  නේවාසික වීසා නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය තහවුරු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS