ජාත්‍යන්තර විමර්ශනයක් ඕනෑ
ගෝලීය වසංගතයක් බවට පත් වී, ලොව පුරා මිලියන 2 කට වැඩි පිරිසක් රෝගී කළ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, චීනයේ වූහාන් නුවර රසායනාගාරයක නිපදවූවක් බවටත්, එය සිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට මුදා හැරුණු බවටත් පළ වන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, ‘ජී7’ ලෝක නායකයන් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වමිනි. ‘ජී7’ කණ්ඩායමට ඇතුළත් වන්නේ ලෝකයේ ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් ය. චීනය ද ‘ජී7’ සාමාජික රටකි. වයිරසයෙන් එල්ල වුණු ගෝලීය ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ‘ජී7’ නායකයන් අතරේ සාකච්ඡා පැවැත්විණි.
‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් ලොව පුරා 1,40,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, සෑම රටකට දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇත. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය වැනි රටවල ලක්ෂ ගණකට රැකියා අවස්ථා අහිමි වී ඇත.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වීමට පෙර සිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් පැවැතිනි. ඒ, චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගන්නවා යැයි ඇමෙරිකන් ජනපති චෝචනා කිරීමත් සමඟය. ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවූ අතර, ඇමෙරිකා චීන වෙළෙඳ අර්බුදය, ගෝලීය අර්බුදයක් බවට පත් විය.
මෙම වෙළෙඳ අර්බුදය විසඳා ගැනීමට ඇමෙරිකන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොවට තර්ජනයක් විය.
වොෂින්ටන් පෝස්ට් සහ ෆොක්ස් නිවුස් ඇමෙරිකන් පුවත් සේවා ඇතැම් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ වයිරසය වූහාන් නුවර රසායනාගාරයක් තුළ නිපදවනු ලැබූ බවය.
කොරෝනා වයිරස මිනිසුන්ට ආසාදනය වන්නේ වවුලන්ගෙනි. ‘කොවිඞ් 19’ වයිරසය වවුලන්ගෙන් ලබා ගෙන එය කෘත්‍රිමව රසායනාගාරයක නිපදවා එය මිනිසුන්ට ආසාදනය කරන්න ඇතැයි ෆෝකස් නිවුස් පුවත් නාළිකාව අනාවරණය කර ඇත.
සිදුවන මෙම අනාවරණ සහ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් වී, විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, චීනය එසේ වයිරසය නිපදවා ඇති නම් හෝ එය සමාජයේ පැතිරීමට ඉඩ හැරියේ නම් හෝ චීනයට දඬුවම් ලබා දිය යුතු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දී ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)