කොරෝනා වයිරසය මර්දනය කළ රටවල්



කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ආරම්භයේ දී චීනයට පමණක් සීමා වුවත් ‘කොවිඩ් 19’ වයිරසයට ලොව පුරා පැතිරීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි.

වයිරස ව්‍යාප්තිය වළක්වා ගැනීමට විවිධ රටවල් විවිධ ක්‍රමවේද අනුගමනය කළේ සෞඛ්‍ය උපදෙස් අනුවය. රට රටවල් මුළු මනින්ම වසා දැමීම (ලොක්ඩවුන්), ඇඳිරි නීතිය පැනැවීම, සෞඛ්‍ය නීති ක්‍රියාවට නැංවීම, නිරෝධායන ක්‍රමවේද භාවිතයට ගැනීම මගින් වයිරසය ඉතා සාර්ථක ආකාරයට මර්දනය කර ගැනීමට මේ වනවිට රටවල් රුසක් සමත් වී සිටී.

එම රටවල් අතර නවසීලන්තය කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 4,04,000 පසු කර ඇති අතර, ආසාදිතයන් ගණන මිලියන හතකට වැඩිය. මේ අතර වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන මිලියන 3.2 කට වැඩිය.

ගතවුණු දින 17 ඇතුළත කිසිදු නව ආසාදිතයකු හමු නොවුණු බැවින් නවසීලන්තය ‘කොවිඩ් 19’ පරාජය කළේ යැයි එරට අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් පැවැසුවාය.

නවසීලන්තය දූපත් රාජ්‍යයක් වන අතර, ‘කොවිඩ් 19’ පරාජය කිරීමට සමත් වූ රටවල් බොහොමයක් ද කුඩා දූපත් රාජ්‍යයන් වෙයි.

කිරිබර්ති, මාෂල් අයිලන්ඩ්ස්, මයික්‍රෝනේසියා, නාවුරැ, උතුරැ කොරියාව, පාලූ, සමෝආ, සොලමන් දූපත්, ටොන්ගා, තර්ක්මෙනිස්තාන් තුවාලු, වනවාටු යනු අලුතින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු නොවුණු රටවල්ය. උතුරැ කොරියාව සහ තර්ක්මෙනිස්තාන් දූපත් රාජ්‍යයන් නොවන අතර සෙසු රටවල් කුඩා දූපත් රාජ්‍යයන්ය.

 
ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS