මුලින්ම ’කොවිඩ්-19’ එන්නත ගන්නවා
‘කොවිඩ්-19’ එන්නතේ සුරක්ෂිත බව ජනතාවට තහවුරු කිරීම සඳහා තමන් පළමු එන්නත ලබාගන්නා බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩාඩෝ විඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දුනීසියාව චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගමෙන් මේ මස මුලදී එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ආනයනය කළ නමුත් තවමත් එන්නතට අවසරය හිමි වී නැත. ඉදිරි දින කිහිපය ඇතුළත චීන ‘කොවිඩ්-19’ එන්නතට ඉන්දුනීසියානු ආහාර සහ ඖෂධ අධිකාරියේ අවසරය හිමිවනු ඇතැයි පැවසේ.
ඉන්දුනීිසියාව යනු ලොව සිවුවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන අතර රටේ සියලු දෙනාට නව කොරෝනා වයිරසය නොමිලේ ලබාදෙන බව එරට සෞඛ්‍ය බලධාරීන් දැනටමත් ප්‍රකාශ කර ඇත.
තවත් එන්නත් මාත්‍රා මිලියන 1.8ක් ලබන ජනවාරි මාසයේදී ඉන්දුනීසියාවට ළඟා වීමට නියමිත ය.
ජාවා සහ බාලි දූපත්වල සිටින සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 18 සහ 56 අතර වයසේ පසුවන අවදානම් වැඩි පිරිසට එන්නත ලබාදීමේ දී ප්‍රමුඛත්වය දෙන බව ද සෞඛ්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.
“අපි ජනතාවගේ යෝජනා සැලකිල්ලට ගත්තා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය ගණනය කිරීම් කර බැලුවා. ඒ සියල්ල සලකා බැලීමේදී රටේ ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට නොමිලේ මේ එන්නත ලබාදෙනවා” යැයි විඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඉකුත් දා (16) පැවැසීය. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර රාජ්‍ය මාලිගයේ සිට ජනාධිපතිවරයා එම විඩියෝ පටය නිකුත් කළේය.
ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270කට ආසන්න වන අතර රට තුළ පවතින නව කොරෝනා වයිරස වසංගත තත්ත්වය උත්සන්න වීමත් සමඟ ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදෙන්නැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව ඉල්
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වී ඇත්තේ “ජොකෝවි” යන නමෙන් වන අතර එන්නත් වැඩසටහනට මුදල් වෙන් කරන්නැයි හෙතෙම මුදල් අමාත්‍යවරයාට උපදෙස් දී ඇත.
කෙසේ නමුත් එන්නතේ ආරක්ෂාව සහ ඊට හලාල් සහතිකය ලැබේද යන්න කරුණ නිසා ඉන්දුනීසියාවේ ඇතැම් පාර්ශව අතර මතභේද සහ ඇතැම් පිරිස් එන්නත ලබාගැනීමට පසුබට වන බවක් පෙනී යන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්දුනීසියාව යනු ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් වෙසෙන රටයි. ජනාධිපතිවරයා මුලින්ම එන්නත ලබාගැනීමට තීරණය කර ඇත්තේ මේ තත්ත්ව සැලකිල්ලට ගනිමින් යැයි ද වාර්තා වේ.
“මා මුලින්ම එන්නත ලබාගන්නවා. මා එය කරන්නේ එන්නතේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒ වගේම ජනතාව අතර විශ්වාසය වැඩි කරන්න” යැයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් තමන් ලබාගන්නේ කුමන එන්නත දැයි හෙතෙම සඳහන් නොකළේය.
ඉන්දුනීසියාව සිනෝවැක් කොරෝනාවැක් එන්නත අත්හදා බලමින් සිටින අතර එහි තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද ආරම්භ කර ඇත. කෙසේ නමුත් එහි අවසන් ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැත.
ඉන්දුනීසියාවෙන් පළමු නව කොරෝනා වයිරස ආසාදිතයා වාර්තා වී මේ වනවිට මාස 10ක් ගත වී තිබේ. ඉන්දුනීසියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 629,000 ඉක්මවන අතර වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,000 පසු කර ඇත. අග්නිදිග ආසියාවෙන් වැඩිම වයිරස ආසාදිතයන් සහ මරණ ගණනක් වාර්තා වෙන්නේ ද ඉන්දුනීසියාවෙනි.
මුල් අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන 246.6ක් ලබාගැනීමට ඉන්දුනීසියාව සැලසුම් කර ඇති අතර ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනකා සමාගම් සමඟ ගිවිසුම් ද අත්සන් කර ඇත. ඊට අමතරව ගෝලීය එන්නත් වැඩසටහන වන කොවැක්ස් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.
රොයිටර්