සුක්කානමක් නොමැති ස්වයංක්‍රීය මෝටර් රථයක් 2021දී වෙළෙඳ පොළට
සුක්කානමක්වත් රියැදුරෙකුවත් නොමැතිව සියල්ල ස්වයංක්‍රීයව ක්‍රියාකරන මෝටර් රථයක් 2021දී වෙළෙඳපොළට නිකුත් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ෆෝඩ් මෝටර් රථ සමාගම පවසයි.
ෆෝඩ් සමාගමේ සභාපති මාක් ෆීල්ඩ්ස් විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලද්දේ පසුගියදා කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝහි පැවැති හමුවකදීය. එම නගරයේ ඇති ෆෝඩ් පර්යේෂණායතනය සඳහා යොදවා ඇති ආයෝජන ප්‍රමාණය දෙගුණ කරන බව පැවසූ සභාපතිවරයා ස්වයංක්‍රීය තාක්ෂණය සඳහාද සැළකිය යුතු ආයෝජනයක් කරන බවද වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
සමාගම වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තුවන නවතම මෝටර්රථය 2021දී පාරිභෝගිකයන් විසින් ප්‍රයෝජනයට ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
පාලනය කිරීමට අවශ්‍ය නැති වාහනයක් තුළ ගමන් කිරීමෙන් ඔබ ලබන අත්දැකීම සියලු දේ වෙනස් කරනු ඇතියි සභාපති ෆීල්ඩ්ස් බි.බි.සි. සේවය සමග පැවැති සාකච්ඡාවකදී පැවසීය.
‘මෙවැනි ස්වයංක්‍රීය වාහනයක් සැලසුම් කිරීමේදී , ඔබට වාහනයේ ගමන්කරද්දී වැඩ කිරීමට අවශ්‍යද, විනෝදවීමට අවශ්‍යද, යන කරුණු කෙරෙහි අප අවධානය යොමුකරනවා.අපේ ඉලක්කය නිකම්ම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වීම පමණක් නොවෙයි. තාක්ෂණ සමාගමක් බවට පත්වීමත් අරමුණක් ‘යයි ෆෝඩ් සභාපත්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.