කටාර්හි වීසා නැති විදේශ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්
විනීතා එම් ගමගේ
කටාර්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධී අයුරින් රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමා කාලයක් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කාලසීමාව සැප්තැම්බර් මස පළමු වෙනිදා සිට දෙසැම්බර් මස පළමු වෙනිදා දක්වා වලංගු වේ. රැකියා සඳහා ගොස් වීසා කාලය ඉක්මවා එය දීර්ඝ නොකර නීතිවිරෝධී අන්දමින් රැදී සිටින අයට මෙම පොදු සමා කාලය තුළ නැවත සිය මව්රටවලට පැමිණිය හැකි යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම පොදු කාලසීමාව තුළ සිය මව්රටවලට පිටවීමට කිසිඳු දඩ මුදලක් හෝ නීතිමය දඩුවමකින් තොරව හැකියාව ඇති බවල කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දන්වා ඇත. මෙය කටාර් රජය විසින් තුන්වන වරට ක්‍රියාත්මක කරන ලද සහන කාලයයි.
දැනට නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ අනුව මෙම පොදු සමාකාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන දඩුවමකින් තොරවල ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටි. මෙම පොදු සමාකාලයෙන් පසුව එරට රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් සොයා පරීක්ෂණ ඇරඹීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පියවර ගනු ඇති බවදල කාර්යාංශය සඳහන් කරයි.
නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින්ට තමන්ට පිටවීමේ අවසර පත් ලැබී ඇතිද යන්න දැන ගැනීම සඳහා එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවල ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 2 සිට පස්වරු 8 දක්වා කාලය ලබා දී තිබේ. මේ වන විට කටාර් රාජ්‍යයේ ලාංකික ශ්‍රමිකයින් 146ල000ක් පමණ සේවය කරති.