විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් දෙන්නට උපදෙස්



 

   (විනීතා එම් ගමගේ)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් ලබාගැනීමට පැමිණෙන,විදෙස් ගතවීමට පැමිණෙන අයට, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු සම්බන්ධවල විදේශ රැකියා ඒජන්සි ආයතන වෙනුවෙන් කඩිනම් සේවාවන් ලබාදෙන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් කාර්යාංශ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. අමාත්‍යතුමිය මේ උපදෙස් ලබාදුන්නේ ඉකුත් 17 දා කාර්යාංශයේ වයඹ පළාත් කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

වැඩිවශයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයට සේවාවන් ලබාගැනීමට පැමිණෙන පිරිසට සාපේක්‍ෂව වැඩියෙන් පුද්ගලයින් පැමිණෙන්නේ කුරුණෑගල පිහිටි වයඹ පළාත් කාර්යාලයට බවත්ල එසේ පැමිණෙන පිරිස රස්තියාදු නොකර අවශ්‍ය සේවාවන් හා පහසුකම් නොපැකිලව ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යතුමිය විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.

බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන අය වෙනුවෙන් මෙසේ සේවාවන් ලබාදීමේදී ඒ අයගේ අවශ්‍යතාවය හරිහැටි හඳුනාගෙන කටයුතු කරන ලෙසත්ල ඒ සම්බන්ධව තමන් පෞද්ගලිකව සොයාබලන බවත්ල අමාත්‍යතුමිය සඳහන් කළාය. මෙරටට වැඩියෙන් ආදායම් ලැබෙන්නේ තම අමාත්‍යංශය හරහා බවත්ල ඒ නිසා ජනතාවට සේවාවන් ලබාදීමේදී වෙනදාට වඩා කාර්යක්‍ෂම සේවාවන් ලබා දෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නීතීඥ උපුල් දේශප්‍රියල අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජික මොහොමඞ් රියාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ


RECOMMEND POSTS