ජැමෙයිකානු කඟවේනා ඔලිම්පික්වලින් සමුගනී



බ්‍රසීලයේ රියෝ අගනුවර පැවැති ඔලිම්පික් උළෙලේදී සිය තුන්වැනි රන් පදක්කමත් දිනාගත් ලෝක කෙටි දුර ධාවන ශූරයා ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ත්‍රිත්ව ත්‍රිත්වය යථාර්ථයක් බවට පත් කරමින් ඔලිම්පික් තරග බිමෙන් සමු ගත්තේය.

ජැමෙයිකානු කෙටිදුර ධාවන කණ්ඩායම තරමක් පසුබැස සිටියදී යෂඨිය ලබා ගත් බෝල්ට් මිටර් 100 හතර සහාය දිවීමේ ඉසව්වේ රන්පදක්කම් පිළිබඳව ජපන් ජාතිකයන් තුළ තිබූ සියලු බලාපොරොත්තු සින් කරමින් එම රන් පදක්කම් ජැමෙයිකාවට දිනා දුන්නේය.

මෙම ජයග්‍රහණයෙන් පසුව ‘මලල ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයා‘ යයි තමාව හඳුන්වා ගැනිමට බෝල්ට් පසුබට නොවීය.

‘මට කිසි දෙයක් හිතාගන්න බැහැ. ... හිස මත තිබූ බරක් හෑල්ලු වුණා වගේ..... වසර කිහිපයක්ම මේ පීඩනය මට තිබ්බා.‘

නිසැක වශයෙන්ම මට ක්‍රීඩාවෙන් ඉවත්ව යාම දැනෙනවා..... විශේෂයෙන් ඔලිම්පික් උළෙල අහිමිවීමේ වේදනාව දැනෙනවා.ඒක මහ විශාල වේදිකාවක්.‘ යයි සිය ජයග්‍රහණයෙන් අනතුරුව බෝල්ට් පැවසීය.


RECOMMEND POSTS