එමීර්හි ගෘහ සේවයට ශ්‍රී ලංකා කතුන් වැඩිපුර ගිහින්



 

(  තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශ කාන්තාවන් බහුතරයක් පසුගිය වසර කිහිපයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත්ව ගොස් ඇතැයි එරට රජයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ගල්ෆ් නිව්ස් වබ් අඩවිය වාර්තා කර සිටී.

විශේෂයෙන්ම ආසියානු රටවල් වල් රැසක් මේවන විට එම රටවල කතුන්ට ගෘහසේවිකාවන් වශයෙන් මැදපෙරදිග රැකියාවන් හි නියුතුවීම තහනම් කිරීම හේතුවෙන් මෙලෙස ඉහළ යන ඉල්ලුම හමුවේ  ශ්‍රී ලංකික හා බංග්ලාදේශ කතුන් රැසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහසේවය සදහා බදවා ගෙන ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ.

ගෘහසේවිකාවන් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන ලාංකික කතුන් හා බංගලි කතුන්ට රැකියා බලා පිටත්ව යෑමට මත්තෙන රජය යටතේ සති දෙකක පුහුණුවක් ලබා දීම කටයුත්ත දිගට සිදු කෙරෙමින් පවතින බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි සදහන් කර සිටී.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෘහසේවය සදහා කතුන් පැමිණියේ පිලිපීනය, ඉන්දුනීසියාව ,ඉන්දියාව ,නේපාලය සහ ඉතියෝපියාව යන රටවලින් වන අතර මෙම රටවල් අතුරෙන් පිලිපීනය , ඉන්දුනීසියාව සහ නේපාලය යන රටවල් හි රජයන් එරට කතුන්ට ගෘහසේවය සදහා විදෙස් ගත වීම තහනම් කරනු ලැබ සිටිති.

මේ අතර ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීම සදහා ඉන්දීය කතුන්ට  එක්සත් අරාබි රාජ්‍යයට යෑම ඉන්දීය රජයද කප්පාදු කර ඇති අතර ,එලෙස ගෘහසේවය සදහා යන කතුන්ට දැඩි කොන්දේසි පනවා ඇතැයිද වාර්තාවේ.ඉතියෝපියා රජයද එරට කතුන්ට ගෘහසේවය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු මැදපෙරදිග රටවල් වෙත යැවීම අත්හිටුවා තිබූ අතර නමුත් මේවන විට එම තහනම පසුගියදා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

 

 


 


RECOMMEND POSTS