රට රැකියාවට ගුවන් තොටේදී ලියා පදිංචිය නවතී



 

විනීතා එම් ගමගේ

විදේශ රැකියා සඳහා යාමේදී කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ලියාපදිංචි වීමට දැනට ලබා දී ඇති අවස්ථාව නොවැම්බර් පළමුවැනිදා සිට අත් හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තිරණය කර ඇත.

ඒ අනුව විදේශ රැකියා සඳහා යාමේ දී කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ පා්‍රදේශිය කාර්යාලයකින් ලියාපදිංචිය ලබා ගත යුතු අතර ගුවන් තොටුපලේ දී ලියාපදිංචියට අවස්ථාව නොලැබේ.

ගුවන්තොටුපලේ දී ලියාපදිචි වී විදේශ ගත වීමේ දී යම් යම් වංචාවන් සිදුවන බව මේ වන විට හෙලි වී තිබීම නිසා මෙම පියවර ගැනීමට කාර්යංශය පියවර ගෙන ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.


RECOMMEND POSTS