ගුරුත්ව බලය අඩුම තැන
නාසා ආයතනය පසුගිය දා හරි අපූරු දෙයක් පැවැසීය. ඒ, තුර්කියට යන සංචාරකයකුට වඩා ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට පැමිණෙන සංචාරකයන්ගේ බර අඩුවන බවය. ඒත් එහෙම වෙන්නේ කොහොමද? ඒත් ගැන කියන්න කලින් අපට සිදුවෙනවා වසර 300ක් පමණ අතීතයට යන්න. මහා බලගතු අදිසි බලයක් ගැන කරුණු පැහැදිලි කරන්න
අයිසෙක් නිවුටන් ඇපල් ගසක් යට වාඩි වී සිටියේය. නිවුටන්ගේ හිසට ඇපල් ගෙඩියක් වැටුණි. හිසට වැටුණු ඇපල් ගෙඩිය ඉන්පසු පෙරැළී බිමට වැටුණි. දැනුනු වේදනාවට කෑගසනවා වෙනුවට නිවුටන් ඒ ගැන තවදුරටත් සිතන්නට විය. ඇපල් ගෙඩිය පහළට වැටුණේ ඇයි? ගහෙන් ගිලිහුණු ගෙඩිය පාවෙලා නොගියේ ඇයි? ආදීවශයෙනි.
ඔහු ඒ වන විට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ගණිතය හා ස්වභාව විද්‍යාව හදාරමින් සිටි සිසුවෙකි. ගහකින් ගෙඩියක් පොළොවට වැටෙන සංසිද්ධිය අයිසෙක් නිවුටන්ටමහා ප්‍රහේලිකාවක් විය. ඔහු එම ප්‍රහේලිකාව විසඳන්න සිත මෙහෙය වූයේ ඒ නිසාය.මෙසේ වූයේ මහා බලගතු අදිසි බලයක් ක්‍රියාත්මක වීම නිසා බව ඔහු අවබෝධ කර ගත්තේය. ඇපල් ගෙඩිය පහළට වැටුණේත්, එය පාවී නොගියේත් ඇසට නොපෙනෙන බලයක් නිසා බව නිව්ටන්ට ප්‍රත්‍යක්ෂ විය. ඔහු එය ‘ග්‍රැවිටි’ Gravity යනුවෙන් හැඳින්වූයේය. ඉංග්‍රීසියෙන් ‘ග්‍රැවිටි’ Gravity යනු සිංහල බසින් ගුරුත්වාකර්ෂණයයි. නිවුටන්ගේ මේ සොයා ගැනීම ගැන න්‍යයාත්මක පොතක් ලියුවේය. එය ‘ප්‍රින්සිපියා මැතමැටිකා’ නම් වෙයි.
ගුරුත්වාකර්ෂණය රඳා පවතින්නේ මූලික සාධක දෙකක් මත යැයි නිවුටන් පසුව අවබෝධ කර ගත්තේය. වස්තූන්වල ස්කන්ධයන් සහ ඒවා අතර ඇති දුර යනු එම සාධක දෙකය. උඩ පැන්නාම බිම වැටෙන්නේත්, ගෝලාකාර පෘථිවියේ කොතැන සිටියත් අප හෝ වෙනස් කිසිම දෙයක් හෝ පාවී විසි වී නොයන්නේ ගුරුත්වාකර්ෂණය නිසයි. පෘථිවිය හිරු වටා කැරකෙන්නේත්, හිරු, ග්‍රහලෝක සහ චන්ද්‍රයන් නිර්මාණය වීම සිදුවූයේත් ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵලයක් හැටියටය. ස්කන්ධයක් ඇති සෑම වස්තුවක්ම, ස්කන්ධයක් ඇති අනෙක් සෑම වස්තුවටම බලපෑම් කරයි. ඇද ගැනීමක් කරයි. ඒ ඇද ගැනීමේ ප්‍රමාණය තීරණය වන්නේ වස්තූන්වල ස්කන්ධය අනුවය. ග්‍රහලෝක හිරු වටා කැරකෙමින් පවතින්නේ හිරුගේ ගුරුක්වාකර්ෂණ බලය නිසයි.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය සඳට බලපෑම් කරයි. සඳ පෘථිවිය වටා කැරකෙන්නේත් සඳ පෘථිවියෙන් ඈතට මිදී පාවෙලා නොයන්නේත් ඒ නිසයි. ඒ විතරක් නොවෙයි, පෘථිවියේ සාගර සහ මුහුදේ උදම් රළ ඇති වන්නේත් සඳුගේ ගුරුත්වාකර්ෂණය බලය නිසයි. කඩදාසියක් සහ ගලක් එකම උසක සිට එකම වේලාවේ අතහැරියොත් ඉක්මනින් සහ මුලින්ම බිමට වැටෙන්නේ ගලය. කඩදාසි කැබැල්ල පාවෙමින් සෙමින් පතිත වෙයි. ඊට හේතුව වස්තුවක ස්කන්ධය වැඩි වන්නේ නම්, ඊට ගුරුත්වාකර්ෂණයෙන් එල්ල වන බලපෑම වැඩිය.වස්තුවක ස්කන්ධය අඩු නම්, ඊටගුරුත්වාකර්ෂණයෙන් එල්ල වන බලපෑම අඩුය.
ගුරුත්වාකර්ෂණයේ වෙනස්වීම් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ගගන විද්‍යා සහ අභ්‍යවකශ පර්යේෂණ ආයතනය, කෙටියෙන් කීවොත් ‘නාසා’ ආයතනය, වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ කරයි. ඒ, ඔවුන්ගේ ‘ග්‍රේස්’ GRACE මෙහෙයුම් හරහාය. GRACE යන්නෙහි අරුත Gravity Recovery and Climate Experiment යන්නයි. සිංහලෙන් මෙය ‘ගුරුත්වාකර්ෂණය සහ දේශගුණික වෙනස්වීම් පිළිබඳ අධ්‍යයනය’ යන අදහසය. නාසාආයතනය මෙම ‘ග්‍රේස්’ GRACE මෙහෙයුම් ආරම්භකර ඇත්තේ අද ඊයේ නොවෙයි; 1958 වසරේ සිටය. මෙහයුම සඳහා නාසා ආයතනය ඔවුන්ට අයත් චන්ද්‍රිකා පමණක්නොව, ‘යුරෝපාඅභ්‍යවකාශ ආයතනය’ පෘථිවි කක්ෂයේ රඳවා ඇති පෘථිවිය සිතියම් ගතකිරීමේ චන්ද්‍රිකාද භාවිතයට ගනී.
වසර ගණනාවක් තිස්සේ කළ සිතියම් ගත කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ගුරුත්වාකර්ෂණ බලය අඩු සහ වැඩි තැන් හඳුනා ගැනීම සිදුකර තිබේ. චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරමින්, ගුරුත්වාකර්ෂණයේ අඩුවැඩි ස්ථාන හඳුනා ගැනීම සිදුකරඇත්තේ ජලයේ ඝනත්වය අනුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒඅනුව, නාසා විද්‍යාඥයන් පසුගියදා තහවුරු කළේ පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණයක් ඇත්තේ ශ්‍රීලංකාවේ දකුණු කෙළවරේ සහ මාලදිවයිනට නැගෙනහිරින් ඉන්දියන් සාගරයේස්ථානවලත්, උතුරු කැනඩාවේ හඩ්සන් බොක්ක අවට බවත්ය.
කිලෝ ග්‍රෑම් 68 ක් බර නවසීලන්ත ජාතික සංචාරයකු ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ සංචාරය කිරීමට ඇවිත්, බර බැලුවොත්, කිලෝ ග්‍රෑම් 3 කින් බර අඩුවී, කිලෝ ග්‍රෑම් 65 ක් වී ඇතැයි දැනගන්න ලැබේවි. මෙය මහා ලොකු බර අඩුවීමක් නොවෙයි. සිරුරේ බරෙන් 1/25,000 ක් පමණය. බර මෙසේ අඩුවූ බව පෙනෙන්නේ ගුරුත්වාකර්ෂණයේ අඩුව නිසාය.
පෘථිවි කබොලේ ඝනත්වය සහ ලාවා ඝනත්වය මෙම වෙනසට හේතුව යැයි නාසා විද්‍යාඥයන් විසින් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථාන අතරට අයත් වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාව, උතුරු අන්දීස් කඳුකරය අයත් වෙයි. ලාවා ගලා යෑමේ වෙනස් වීම් අනුව සහ පෘථිවි තල වෙනස් වීම් අනුව, මෙම තත්ත්වයන් වෙනස් වන බව නාසා විද්‍යාඥයෝ පවසති.