විදේශීය රක්ෂණයෙන් ප්‍රතිලාභ රැසක්



 

 

 

 (  විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් නොමිලේ ලබා දෙන රක්ෂණට අමතරව රටවල් කිහිපයක් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන විදේශීය රක්ෂණය මඟින් විගමණීක ශ්‍රමිකයින්ට විශාල ප්‍රතිලාභ රැසක් හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා සඳහන් කළේය.

දැනට මෙම රක්ෂණය කුවේට්, එක්සත් අරාබි එමීර් හා කටාර් රාජ්‍යවල ක්‍රියාත්මක කෙරේ. අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙම නව රක්‍ෂණය තුලින් ඉහළම ප්‍රතිලාභ ශ්‍රමිකයින්ට ලබාදීම සඳහා පියවර ගෙන ඇති බවද ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේය.

කුවේට් රාජ්‍යය සඳහා ක්‍රියාත්මක නව විදේශීය රක්ෂණ ක්‍රමය යටතේල එරට සේවය කිරීමට පිටවන ගෘහසේවිකාවන් සඳහා පමණක් දැනට ක්‍රියාත්මක වේ. මෙම රක්ෂණ ක්‍රමය යටතේ ස්වාභාවික හෝ හදිසි අනතුරකින් මරණයක් සිදුවූ විට කුවේට් ඩිනාර් 2000 ක් හෙවත් ආසන්නව රුපියල් 964000.00 පමණ හිමිවේ.

ස්ථිර ආබාධිත තත්වයට පත්වුවහොත් කුවේට් ඩිනාර් 2000 ක් හිමිවන අතරල නීති උපදේශනය සඳහා කුවේට් ඩිනාර් 1000ක් (රු.482000ක්) දල මිය යාමකදී මෘත දේහය ගෙන්වීමට කුවේට් ඩිනාර් 400 ක් හෙවත් රුපියල් 192000 ක් පමණ හිමිවේ. එසේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුවේට් ඩිනාර් 1500ක් (රු.723000ක්) පමණ හිමි වේ.


RECOMMEND POSTS