කුරුළු උණ රෝගය නිසා ලංකාවට යන්න එපා - කටාර් විදේශ අමාත්‍යාංශය



ශ්‍රී ලංකාවේ  සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනය නිකුත් කරමින් කියා සිටී.

මේ දිනවල ශ්‍රී  ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් ( කුරුලු උණ ) රෝග වසංගත තත්ත්වය හේතුවෙන් කටාර් වැසියන්ට එහි සංචාරය නොකරන ලෙසට කටාර් විදේශ අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇත.

කටාර් විදේශ අමාත්‍යාංශය විසින් ඊයේ  (4) මෙම සංචාරක උපදේශනය නිකුත් කරනු ලැබීය.

එමෙන්ම තමන්ට ශ්‍රී ලංකාව වෙත යාමට අත්‍යවශ්‍ය නම් පමණක් ලංකාවට යන ලෙස එම අමාත්‍යාංශය කටාර් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියි. 

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS