රටකි-දැයකි-ලොවකි ඇය: කාන්තා දිනය අදයි



ජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී ඇති අතර ‘රටකි, දැයකි, ලොවකි ඇය’ යන්න මෙවර කාන්තා දින සැමරුම් තේමාවය.

මෙවර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇයගේ සතිය’ යනුවෙන් අද (8) සිට මෙම මස 14 වැනිදා දක්වා සතියක කාලයක් නම් කරනු ලැබ ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

මෙවර කාන්තා දින සැමරුම් ප්‍රධාන උ‍ළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (8) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අද (8) පෙරවරු 10.00 ට සිදුකෙරුණු අතර අම්මාවරුන්ගේ භූමිකාව ඇතුළත් ගීත ගැයෙන ‘අම්මලාගේ භූමිකාව ගීයෙන් ගයමු’ වැඩසටහන ද කොළඹ නිදහස් චතුරස්‍රයේදී පස්වරුවේ පැවැත්වේ.

මීට අමතරව සතිය පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර ගැහැණු දරුවන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් සැපයීම වෙනුවෙන් පියවර ගැනෙන ‘දියණිය  වැඩසටහන බත්තරමුල්ල සුහුරුපායේදී හෙට (9) පෙරවරු 10.30ට පැවැත්වේ.

මීට අමතරව කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ ‘දිරිය ජනනී’, ‘ඔබේ දා බිඳු සුවඳයි’, කාන්තාවන්ට ගරු කිරීම ගැන පිරිමින් දැනුම්වත් කෙරෙන ‘පිරිමින්ට පමණයි’, හුදෙකලා වූ මව්වරුන් අගයන ‘මාතෘ වන්දනා’ ආදී වැඩසටහන් ගණනාවක් මෙම සැමරුම් සතිය පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මගින්ද කාන්තා දින සැමරුම් උත්සව සංවිධානය කර තිබිණි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS