සැමියා බීලා ආවොත් ගුටි දෙන්න බැට් එකක්
යුවල 700 දෙනකු සහභාගී වූ සමූහ මංගල උත්සවයක්, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වුණු අතර, ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගීවුණු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ඇමැතිවරයකු මනාලියන්ට විශේෂ ත්‍යාගයක් ලෙස කුඩා ලී ක්‍රිකට් පිත්තක් තිළිණ කළේය. ඒ, සැමියා වෙරි මතින් ගෙදර පැමිණියහොත්, ඔහුට පහර දී බීමත්කමින් මුදා ගන්නැයි අවවාද කරමිනි.
‘මෙය බේබද්දන්ට පහරදීම සඳහා ලබා දුන් තිළිණයකි. පහරදීම සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් නොවෙයි’ යනුවෙන් ද ක්‍රිකට් පිත්තෙහි සටහන් කර තිබේ.
මෙම සමූහ විවාහ මංගල උත්සවය පසුගිය සෙනසුරාදා දිනයේ පැවැත්විණි. බෝපාල් වැසියන්ගේ පැරැණි සම්ප්‍රදායට අනුව, ‘මෝග්රි’ යනුවෙන් ලී ඵලකයක් ලබා දීම සිදුවෙයි. ඒ, රෙදි සේදීම සඳහාය. රෙදි සේදීමට දෙන ‘මෝග්රි’ වෙනුවට ආදේශකයක් ලෙස මෙම කුඩා ක්‍රිකට් පිත්ත ලබා දෙන බව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ඇමැති ගෝපාල් භර්ගාවා මනාලියන්ට සිය විශේෂ මංගල ත්‍යාගය පිරිනැමීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
“සැමියා බීගෙන ඇවිල්ලා පහර දෙනවා කරදර කරනවා ආදී වශයෙන් මගේ ප්‍රාන්තයේ බොහෝ කාන්තාවන්ගෙන් පැමිණිලි ලැබෙනවා. ප්‍රාන්තයේ පිරිමි බොහෝ දෙනෙක් මත්පැනට ලොල් වෙලා. පවුල් ජීවිත කඩා වැටිලා. සැමියා හදා ගන්න පුළුවන් බිරියට පමණයි. බීමත් සැමියන්ට පහර දෙන්න බිරිඳට අයිතියක් අපි ලබා දී තිබෙනවා. එසේ පහර දෙන බිරින්දෑවරුන්ට එරෙහිව පොලිසිය පියවරක් ගන්නේ නැහැ.” යැයි ඇමැති ගෝපාල් භර්ගාවා වැඩි දුරටත් කියා සිටී.
(එන්.ඩී.ටීවී.)