සිරුරේ ප්‍රතිශක්තිය මාස 5 ක්



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වන පුද්ගලයන්ට මාස පහක් යන තෙක් වයිරසය නැවත වරක් ආසාදනය නොවන බව, වයිරසයට එරෙහි නිර්මාණය වන ප්‍රතිශක්තිය එම කාලයේ සිරුරේ පවතින බවත්, එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය කාර්යාංශය (පබ්ලික් හෙල්ත් එන්ග්ලන්ඩ්-පී.එච්.ඊ) මූලිකත්වයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මහජන සෞඛ්‍ය කාර්යාංශය (පබ්ලික් හෙල්ත් එන්ග්ලන්ඩ්-පී.එච්.ඊ) මූලිකත්වයෙන් කරන ලද මෙම අධ්‍යයනයේ මූලික සොයාගැනීම් මේ වනවිට නිකුත් වී තිබේ.

වයිරස ආසාදනය වූ අයකුට මාස පහක් යනතුරු වයිරසය අවදානම අඩු වුව ද ඔවුන්ගේ නාසයේ සහ උගුරේ වයිරසය තිබිය හැකි බවත් එම නිසා ඔවුන්ගෙන් වෙනත් අයට වයිරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය 20,000කට වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම අධ්‍යනය කර තිබේ. එහිදි පුද්ගලයන් 6,614 දෙනකුගෙන් වයිරසය නැවත ආසාදනය වී ඇත්තේ 44 දෙනකුට පමණි.

අධ්‍යයනයට සම්බන්ධ කරගත් පිරිස කොටස් දෙකකින් සමන්විත ය. ඔවුන්ගෙන් එක් කොටසක් වයිරසය කලින් ආසාදනය වූවන් ය. අනෙක් පිරිස කලින් වයිරසය ආසාදනය වූ බවට සාක්ෂියක් නොමැති පිරිස ය. ඉන් අනතුරුව මාස හයක කාලයක් යනතුරු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කර තිබේ.

මෙම අධ්‍යයනයේ මූලික දත්ත පමණක් දැනට නිකුත් වී තිබෙන අතර එය තවදුරටත් විමසිය යුතු අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු යැයි ඊට සම්බන්ධ පර්යේෂකයෝ පවසති.

දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව වයිරසය ආසාදනය වූ අයකුට මාස පහක් යනතුරු නැවත වයිරසය ආසාදනය වීමේ අවදානම අඩු අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 83කි. එනම් අවදානම සියයට 83කින් අඩු ය.

අධ්‍යයනය සම්බන්ධ කරගත් පිරිස නිරන්තරයෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට ද යොමු කර ඇත.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් සෞඛ්‍ය සේවකයන්ගෙන් 14,000කට අධික පිරිසකට කලින් වයිරසය ආසාදනය වී තිබී ඇතැයි ද පර්යේෂකයෝ පවසති.

සී.එන්.එන්.


RECOMMEND POSTS