ලස්සනට ඉන්න මේ ගැන හිතන්න



ලස්සනට ඉන්න අපි කවුරුත් කැමැතියි. පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයෙන් ඒ ලස්සන ගැන උවමනාවටත් වඩා උනන්දු බව කාටත් රහසක් නෙවෙයි. ඒ නිසාම තමයි කොපමණ වයසට ගියත් තමන් වයසයි කියලා තමන්ට වගේම බාහිරින් බලන කෙනෙකුට පේන්න නැති වෙන්න තරම් කාන්තාව තමන්ගේ රූපය ගැන සැළකිළිමත්.

නමුත් ඔබ දන්නවාද අපි කොච්චර ලස්සනට ඉන්න උත්සාහ කළත් අපේම සමහර වැරදි ක්‍රියා, නොසැලකිලිමත්කම් නිසා අපේ රූපයට වගේ අපේ මුළු සෞඛ්‍යටම හානියක් කරගන්නවා කියලා. සාමාන්‍ය ජීවිතේදී එදිනෙදා අපි මුහුණ දෙන ගැටලු වලට අපි ප්‍රතිකාර හොයනවා වගේම නොසැලකිලිමත්කම නිසා අපි අපේ ලස්සනට හානියක් කරගන්නේ මොනවගේ විදි වලින්ද සහ ඒවගේන් අපි මිදෙන්නේ කොහොමද?  බලන්න මේ වගේ වරදි ඔයත් කරනවද කියලා. එහෙම නම් මේ ගැන වැඩි අවධානයක් යොමු කරලා පුළුවන් තරම් මේ දේවල් නොකර ඉන්න උත්සාහ කරන්න.

සුදු වෙන්න හිතලා උවමනාවට වඩා මුහුණේ ආලේපන වර්ග ගානවද?
අපි හැම කෙනෙකුගෙම සම එක වගේ නැහැ. ඒ නිසා සුදු වෙන්න කියලා ක්‍රිම් වර්ග පවුඩර් වර්ග භාවිතා කරද්දි අපි ඒ දේවල් මොන තරම් දුරට අපිට හිතකරද කියලා බලන්නම ඕනි. විශේෂයෙන් මුහුණේ ගාන ක්‍රීම් එකක් නම් ඒ ගැන හිතන්නම ඕනි. අපි ගොඩක් දෙනා කරන වරදක් තමයි මූණේ ක්‍රිම් වර්ග ආලේප කරද්දි තට්ටුවක් වගේ වැඩියෙන් ගානවා. සමට පෝෂණයක් දෙන ක්‍රිම් එකක් වුනත් වැඩිපුර ගාන්න හොද නෑ. එයින් වෙන්නේ සමේ තියෙන ලස්සනත් නැති වෙනවා.

 යම් යම් ආසාදන වුනත් හැදෙන්න පුළුවන් .කැල්ල් ඇති වෙලා සම දුර්වර්ණය වීමත් සිදු වෙනවා. ඒ වගේම තමයි මුහුණ නිතරම තෙල් වගේ තියෙන වෙලාවට ගොඩක් අය පවුඩර් දාන්න පුරුදු වෙලා.එතුලින් වෙන්නේ සමේ තියෙන කුඩා සිදුරු වැහිලා සමට හනායක් වෙන එක. ඒ නිසා එවැනි අවස්ථාවක ටිෂු එකක් භාවිත කරන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් ස්වාභාවික ආලේපයන්ට යොමු වෙනවනම් හොදයි.

මුහුණ නිතර නිතර අල්ලනවද?
මුහුණ කියන්නේ බැලු බැල්මට බාහිර කෙනෙක්ගේ අවධානය යොමුවෙන අපේ ශරීරයේ වැදගත්ම අංගය කිව්වොත් නිවැරදියි.මූණ ලස්සන කරගන්න නොකරන දෙයක් නැති තරම්නේ.ඒ ලස්සන නැති වෙන්න පුළුවන් අපි එදිනෙදා සිදු කරන පුංචි වරදකින් පවා. හිතලා බලන්න ඔබ මේ වැරදි කරනවද?

 නිතර නිතර මුහුණ අල්ලන්න එපා , ඒ වගේම තමයි ඔබ නොදැනුවත්වම කම්මුලේ අත තබා ගැනීම්, නාසය කැසීම්, නිකට අත ගෑම් වගේ දේවල් සිදු වෙනවා. ඔබ මේ දේවල් ගැන වැඩිය නොහිතුවත් මේ දෙවල්වලින් ඔබේ මුහුණට විශාල හානියක් වෙනවා. මේ වැරදි ක්‍රියා කලොත් හම රැලි වැටීම,කුරුලෑ වැනි ආසාදන ඇති වීම් වැනි දේ තුළින් ඔබේ මුහුණේ ලස්සන නැති වෙලා යන්න පුළුවන්. ඔබ ගැන හිතනවානම් මේ නරක පුරුදු ඉක්මනින් නවත්වන්න.

නාපු ගමන් කොණ්ඩය පීරනවද?
නීරෝගී වරලසක් හැම කෙනෙකුටම හිමි වෙන්නේ නැහැ. වරලසකින් තරුණියකගේ, කාන්තාවකගේ බාහිර පෙනුමට විශාල වෙනසක් කරන්න පුළුවන් බව ඔබ දන්නවාද? නමුත් ඒ ගැන විශේෂ අවධානයක් නැහැ කියන්නේ තමන් විසින්ම තමන්ගේ ලස්සන නැති කරගන්නවා වගේ දෙයක්.

ඔබ නාපු ගමන් කොණ්ඩය පීරනවද ? ඒ තුළින් වෙන්නේ කොණ්ඩය අග පැලීම්, සාමාන්‍ය විදියට වඩා වැඩියෙන් හිස කෙස් ගැලවී යාම්, ඒ වගේ දේ වලින් අපේ කොණ්ඩයේ ලස්සන වගේම අපේ ලස්සනත් නැති කරගන්නවා. නාලා ඉවර වෙලා පළමුවෙන්ම කොණ්ඩට තුවායකින් තෙත මාත්තු කරන්න, සාමාන්‍ය විදියට වෙලුණාම දැති ලොකු පනාවකින් පීරන්න. ඒ වගේම කොණ්ඩයට සුදුසු තෙල් වර්ගයක් පාවිච්චි කරලා සතියකට දෙකකට වරක් හෝ හොද සත්කාරයක් කරන්න අමතක කරන්න එපා.

කොණ්ඩය වියැලීමේදී අධික උෂ්ණත්වයකින් යුත් උපකරණ භාවිත කරනවද?
අද බොහෝ තරුණියන් කොණ්ඩයට විවිධ විලාසිතාවන් කරන්න පුරුදු වෙලා. එහෙම නොකරන කෙනෙක් නැහැ. අවස්ථාවට ,තැනට ගැලපෙන විදියට මෝස්තර කලාට කමක් නෑ ඊට පස්සේ එය අපේ ලස්සනට හානියක් වෙනවනම් අපි ඒ ගැන දෙවරක් හිතන්න ඕනි. කොණ්ඩය ලස්සන කරන්න හෙයාර් ඩ්‍රයර්, හෙයාර් අයන් ආදිය අධික උෂ්ණත්වයෙන් යුත් උපකරණ භාවිත කිරීමේදී වඩාත් පරිස්සම් විය යුතුයි.

අධික රස්නයත් එක්ක කෙස් ගස ඇතුළත කුඩා බුබුළු ඇති වී පසුව හිසකෙස් ඉතා වියළි හා කැඩෙන සුළු ස්වභාවයකට පත් වෙනවා. මේ නිසා කොණ්ඩය වේලන විට හෙයා ඩ්‍රයරය කොණ්ඩයට සෙන්ටි මීටර් 15 වත් දුරින් තබාගෙන වේලන්න. ඒ වගේම තමයි අයන් කරද්දි සිල්කොන් ඔයිල් වැනි ආරක්ෂක ආලේපයක් ගල්වා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක තබා ගෙන අයන් කරන්න. මෙයින් ඔබේ හිසකෙස් වලට සිදු වන හානිය වළක්වා ගන්න පුළුවන්.

ඇගේ හැඩය ගැන හිතනවානම් වැඩිය පිටි කිරි බොන්න එපා
මුණ , කොන්ඩේ ගැන හිතනවා වගේම ලස්සන ගැන හිතද්දී ඇගේ ෂේප් එක ගැනත් හිතන්නම ඔනි නේද? ගොඩක් දෙනා වැරදි ආහාර රටාවන්ට පුරුදු වෙලා ඉන්න නිසා තමයි ඇගේ හැඩය නැති කරගන්නවා වගේම ලෙඩ රෝගත් ඇති කරගන්නේ.

ඔබ කවදාවත් හිතුවද අපි උදේට හවසට බොන කිරි විදුරුව වුනත් වුමනාවට වඩා අරගත්තොත් අපේ ඇගට මොන විදියකට හෝ අහිතකර ප්‍රතිපලයක් අරගෙන එයි කියලා.

 කිරි වලට පුළුවන් අපේ ශරීරයේ මේද ප්‍රමාණය වැඩි කරන්න, එහෙම වුණාම ඇග තරබාරු වෙන්නත් හේතු වෙනවා, ඇතැම් පිටි කිරි වලට සෙම වගේ වැඩි වෙන්නත් පුවවන්. ඒ වගේම තමයි සම තෙල් ස්වාභායක් ගන්න බලනවා. කිරි බ්ව්වට කමක් නෑ. වැඩිය බොන්න එපා. උදේ කිරි එක වෙනුවට හොද වතුර වීදුරුවක්, එහෙමත් නැත්තම් කොළ කැඳ වගේ දෙයක් බොන්න පුළුවන් නම් එය ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න උපකාරී වේවි.

ඔබේ දෙපා ගැන ඒ තරම් සැලකිල්ලක් නැද්ද?
මුහුණ පිළිබඳව වද වෙනවා වගේම අත් පා ගනත් හිතන්නම ඕනි. දෙපාවල සනීපාරක්ෂාව ඉතාමත් වැදගත්. අවම වශයෙන් දවසකට එක් වරක්‌ හෝ හොදට හොදන්න . එතුලින් සමට අහිතකර ක්‌ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන හානිය වළක්වාගන්න පුළුවන්. සාමාන්‍ය සේදුමකින් මේ ප්‍රථපලය ගන්න බැහැ .

බොහෝ දෙනා දෙපා සේදීම සඳහා අධික උණු ජලය භාවිතා කරනවා. එයින් සිදු වෙන්නේ සම වියපත් වීම ඉක්‌මන් කරවීමයි. එම නිසා මඳ උණුසුම් ජලයෙන් දෙපා සේදීම කරන්න.

ක්‌ෂුද්‍ර ජීව නාශක අඩංගු ක්ලෙන්සර් එකක්‌ භාවිත කිරීම ගොඩක් හොදයි. දෙපා දෙපාවලට නිතර දහය දැමීම, දුගඳ හැමීම වැළක්වීම සඳහා දිනකට වරක්‌ හෝ දෙවරක්‌ නියපොතු හා ඇඟිලි අතර හොදින් පිරිසිදු කරන්න, සෝදා තෙතමාත්තු කරන්න, අනතුරුව දෙ පා සඳහා ඇති ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

දෙපාවල ඉරිතැළුණු හා පැළුණු දෙපා, වියළි හා කොරළ ස්‌වභාවය, පාදයේ පතුලේ හා මතුපිට ඇතිවන ගැටිති හා කළු ලප ආදිය නැති කරගන්න පුළුවන්. ඒ වගේම දෙපා නිරෝගීව තබා ගන්න පුළුවන්.

සටහන - දිල්රුක්ෂි


RECOMMEND POSTS