ගීතාවේ පළමු පිටපත පිරිනැමෙයි



සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයට පරිවර්තනය කළ භගවත් ගීතාවේ පළමු පිටපත තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පරිවර්තන කර්තව්‍ය සිදු කර තිබිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුද්ගල-පුද්ගල සම්බන්ධතා සහ සංස්කෘතික සමානකම් ප්‍රවර්ධනය කිරීම සංකේතවත් කරමින් මෙම භගවත් ගීතාවේ පරිවර්තනයේ මුල් පිටපත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පිරිනැමූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.


RECOMMEND POSTS