ජනපති මෛත්‍රීට සෞදියෙන් ආරාධනා
ජාත්‍යන්තර වශයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන්නැයි සෞදි රජ පවුලේ සාමාජිකයෙකු වන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ආරාධනා කළේය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞදි රජ පවුලේ සාමාජිකයෙකු වන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙම ආරාධනය කරනු ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන සිය ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කළ අල් සෞද් කුමරු මෙරට වෙළඳ සහ සංචාරක ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා පිළබඳ ප්රමුඛ අවධානයක් යොමු කරන බවද කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය ,හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරයද ,ඓතිහාසික නටඹුන්ද සාංචාරක ආකර්ශනය දිනා ගෙන ඇති බැවින් ලංකාව සංචාරක ක්ෂේත්රය සඳහා බොහෝ ඉඩකඩ පවතින රටක් බවද සෞදි කුමරු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මෙම හමුවේදී සෞදි කුමරු සමඟ අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සෞදි අරාබිය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය අගය කරන බවය.
එසේම ඉකුත් දා ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට සෞදිය ලබා දුන් සහායද ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කළේය.
මේවනවිට ශ්‍රී ලාංකිකයින් හාර ලක්ෂයක් පමණ මේවනවිට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් මෙරට ආර්ථිකයට ලබාදෙන සුවිශාල දායකත්වය ගැනද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කරනලදී.
( තිළිණි ද සිල්වා )