හොඳටම ඇති: තවත් ප්‍රහාර ඕනෑ නෑ



එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන් එක් වී, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය.

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, මේ අයුරින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතා දුර්ලභ සිද්ධියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ලෝක ආහාර වැඩසටහන’ සංවිධානය පවා දිගින් දිගටම ඊශ්‍රායලයට පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමයකට යන ලෙසය.

‘දැන් ඇති. තවත් ප්‍රහාර ඕනෑ නෑ. ප්‍රහාරවලින් සිදුවන්නේ පලස්තීන වැසියන් වට කරමින් ඔවුන්ට පහර දෙනවා. පාසල් සහ රෝහල්වලට පහර දෙනවා. නිවාස සහ ගොඩනැගිලිවලට පහර දෙනවා. දේවස්ථානවලට, පල්ලිවලට පහර දෙනවා. බෝම්බ දමනවා. මේ කිසිවක් පිළිගත නොහැකියි’ යැයි ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමින්, ඇමෙරිකාවේ පලස්තීන වැසියෝ වොෂින්ටන් අගනුවරට රැස්වී, ඊශ්‍රායලයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට විරෝධය පළ කළහ.

එම විරෝධතාවට ඇමෙරිකන් පලස්තීනුවෝ 10,000 කට වැඩි පිරිසක් එක්රොක් වී සිටියහ. ඊශ්‍රායලය පලස්තීනුවන් මරා දමමින් ජන සංහාරයක් සිදු කරන බවටත්, ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ ජනාධිපති බයිඩන් බවටත් පලස්තීන වැසියෝ චෝදනා නගන්න වූහ. ‘බයිඩන්. නුඹට හැංගෙන්න බෑ. ජනසංහාරයට නුඹ වගකියන්න ඕනෑ.’ යැයි විරෝධතාවට එක් වූ පලස්තීනුවෝ එක හඬින් චෝදනා නැගූහ.


RECOMMEND POSTS