සෞදි සංචාරයෙන් පසු ජනපති ට්‍රම්ප් කටාරයේ



සෞදි සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යය බලා ගියේය. ඇමෙරිකා ජනාධිපතිවරයකු කටාර් රාජ්‍යයේ නිල සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ට්‍රම්ප් කටාර් රාජ්‍යයට පැමිණියේ, තෙදින මැදපෙරදිග සංචාරයක් ආරම්භ කර ඇති අවස්ථාවකය. දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු ට්‍රම්ප්ගේ පළමු විදෙස් සංචාරය ලෙස මෙම මැදපෙරදිග සංචාරය සැලකෙයි. කටාර් එමීර් අල්තානී සහ කටාර් රජ පවුලෙන් ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 

සෞදි සංචාරයේදී ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ගල්ෆ් රටවල සහයෝගීතා සමුළුවට ද සහභාගී විය. ඊට අමතරව, ඔහු ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙන්, සිරියානු අන්තර්වාර ජනාධිපති අල් ෂාරා හමුවිය.

අල් ෂාරා යනු, බලයේ සිටි සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ සන්නද්ධ අරගලයක නියැළි සටන්කාමියෙකි. අල් ෂාරා, තරුණ කඩවසම් හාදයකු බවත්, ඔහු ධෛර්යමත් අයකු බවත් ජනාධිපති ට්‍රම්ප් පසුව පවසා තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS