රුසියන් යුක්රේන සාකච්ඡා තුර්කියේ



රුසියාවත් යුක්රේනයත් අතර පවතින යුද ගැටුම් සමතයකට පත් කර ගැනීමේ අරමුණින් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ මැදිහත් වීමෙන්, විශේෂ සමුළුවක් තුර්කියේ අන්කාරා අගනුවර දී පැවැත්වෙයි. 

තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයකි. සමුළුවට රුසියන් සහ යුක්රේන නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. යුද්ධය අවසන් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලන්ස්කී මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇති නමුත්, ඔහු තුර්කියේ පැවැත්වෙන සමුළුවට සහභාගී වන බවක් වාර්තා වන්නේ නැත.

තුර්කියේ පැවැත්වෙන සමුළුවේ දී තමන් රුසියන් ජනාධිපති පුටින් හමුවීමට සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS