හිටපු හමුදා නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරකම



කුවේටයට විශාල මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ලුතිනන් කර්නල්වරයා තම තනතුර අනිසි ලෙස භාවිතා කරමින් හෂීස් කිලෝග්‍රෑම් 800 ක් කුවේටය තුළට ගෙන ඒමට උත්සාහ කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

ජහාරා පොලිසියට අයත් මුර සංචාරක මෝටර් රථයක් හදිසියේ නවතා සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර, එම අවස්ථාවේදි මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු කුවේට් හමුදා නිලධාරියෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඉරාන ජාතිකයන් තිදෙනෙකුගේ සහාය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බවටද අනාවරණය වී ඇත.                                                                                        

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS