හිජාබය නොපලදින තරැණියන් සොයයි



හිජාබය නිසි ලෙස නොපලඳින තරුණියන් සහ කාන්තාවන් සොයා ඉරානයේ සදාචාර කටයුතු සොයා බලන පොලිසිය යළිත් වරක් මුර සංචාර ආරම්භ කර තිබේ.

​සදාචාර කටයුතු සොයා බලන පොලිසිය මෙසේ යළි මුර සංචාර ආරම්භ කර ඇත්තේ මීට මාස10 කට පෙර 22 හැවිරිදි කුර්දි ඉරාන තරුණියක ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටිද්දී මියයෑමේ සිද්ධිය සහ ඉන්පසු ඉරාන රජයට එරෙහිව එල්ල වුණු විරෝධතාවලින් පසුවය.

මහ්සා අමිනි නමැති එම තරුණිය මියගිවේ පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වීමෙන් යැයි ද චෝදනා එල්ල විය. ඉරානය පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි.

විරෝධතාකරුවන් 600කට ආසන්න පිරිසක් මියගිය අතර, බොහෝ ඉරාන කාන්තාවන් හිජාබය පැලදීම පවා සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබුණි.  ඉරානයේ සදාචාර කටයුතු සොයා බලන පොලිසික් ස්ථාපිත කර ඇත්තේ එරට ෂරියා නිතියට අනුවය.


RECOMMEND POSTS