හිජාබය ගැලවූ සරසාදත්



ඉරාන චෙස් ක්‍රීඩිකාවක් වන සරසාදත් ඛාදමල්ෂරීහ්, හිජාබය නොමැතිව තරඟ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට ඉරාන පොලීසිය වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

සාරා කාඩීම් ලෙස ප්‍රසිද්ධ ඉරාන චෙස් ක්‍රීඩිකාව, ජනවාරි මාසයේදී ස්පාඤ්ඤයට ගොස් හිජාබයක් නොමැතිව තරඟ කිරීමෙන් පසු අදාල වරෙන්තුව නිකුත් කර ඇත.

විශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ස්පාඤ්ඤ රජය ඇයට පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර ඇති බව ස්පාඤ්ඤය මාධ්‍ය වාර්තා කළේය.

තම රටේ පූජක නායකත්වයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට සහය දක්වන බවත්,තමන් කළ ක්‍රියාව ගැන කිසිදිනෙක පසුතැවෙන්නේ නැති බව ඇය රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS