හමාස් ලොක්කා මරා දැමෙයි
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කෙරුණි. ඉස්මායිල් හානියේ ඉරානයට ගොස් සිටිය් ඉරානයේ ජනාධිපති ධුරයට තේරීපත් වුණු මොහොඩ් පෙසෙෂ්කියන්ග් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමේ අරමුණින්ය.
62 හැවිරිදි ඉස්මායිල් හානියේ, ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.
ගාසා තීරයේ සටන් විරාමයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඊශ්රායල බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීම කළේ ද හානියේය. ගාසා තීරයේ පලස්තීන අග්රාමාත්ය ධුරය හෙබවූයේ ද ඉස්මායිල් හානියේය. ඔහුට ගාසා තීරයේත්, ලෙබනනයේත්, ඉරානයේත් නිවාස ඇත.
ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ රැඳී සිටි හමාස් නායක
හමාස් නායකයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ඝාතනය වූ බව නිවේදනය කළේ ඉරාන විප්ලවීය හමුදාවය. ඉස්මායිල් හානියේ, ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ යුදෙව් ඊශ්රායලයට සහ ඇමෙරිකාවටය. කෙසේ නමුත් ඊශ්රායලය හෝ ඇමෙරිකාව හෝ ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
(අල් ජසීරා)