සෞදිය සහ කොස්ටරිකාවඅතර සාකච්ඡා



සෞදි අරාබිය සහ කොස්ටරිකා රාජ්‍යය අතර සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමට සාකච්ඡා කරන බව වාර්තා වේ.

ඒ අනුව, සෞදි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, වලීඩ් බින් අබ්දුල් කරීම් එල් කෙරෙයිජි, කොස්ටාරිකාවේ විදේශ කටයුතු පිළිබඳ උප-ඇමති, ඇලේජාන්ඩ්‍රෝ සොලනෝ ඔර්ටිස් හමු වී ඇත.

දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඒවා වැඩිදියුණු කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ඊට අමතරව කලාපීය හා ජාත්‍යන්තර ගැටලු රැසක් සාකච්ඡා කිරීම සහ ඒ සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS