සෞදි තානාපති යළි ලෙබනනයට



සෞදියත් ලෙබනනයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වීමට පටන්ගෙන ඇති බැවින්, සෞදිය යළිත් වරක් ලෙබනනයට සිය තානාපති නිලධාරියකු යැවීමට තීරණය කර තිබේ.

සෞදියත් ලෙබනනයත් අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අර්බුදයක් නිර්මාණය වූයේ යේමනයට එරෙහිව සෞදිය ගනු ලබන හමුදාමය ක්‍රියාමාර්ගය මුල්කොට ගනිමිනි.

සෞදිය සිය තානාපතිවරයා ආපසු ලෙබනනයට යැවීම සිදු කරන්නේ වසරකට පමණ පසුවය. මේ බව ලෙබනන් ප්‍රවෘත්ති අමාත්‍ය ජෝර්ජ් කෝර්ඩායි ද තහවුරු කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS