සෞදි ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්



සුඩානයේ ගැටුම් උත්සන්න වෙමින් පවතී. සුඩානයේ කර්ටෝම් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වුණු 'සෞදි අරාබියා' ගුවන් සේවයට අයත් Airbus A330 මගී ගුවන් යානයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් ගුවන් යානයට හානි සිදුවුනු නමුත් එහි සිටි කිසිවකුට අනතුරක් සිදු නොවුණු බව පැවැසෙයි. යානය ආරක්ෂිතන රියාද් බලා පියාසර කළේ යැයි සුඩානයේ සෞදි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය මාස කීපය පුරාවට සුඩානයේ පැවැතියේ හමුදා පාලනයකි. එම හමුදා බාලනයට, සුඩානයේ අතරේක සන්නද්ධ බලඇණියකින් අභියෝග එල්ල වී ඇත.

මේ වනවිට එම බලඇණියට අයත් සන්නද්ධ සාමාජිකයන් කර්ටෝම් අගනුවර ස්ථාන බොහොමයක් මෙන්ම ජනාධිපති මන්දිරය ද අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS