සොරකමේ ගිය හතරක් අල්ලයි



ඕමානයේ මස්කට් ආණ්ඩුකාර නගරයේ සොරකමේ ගිය පුද්ගලයින් හතර දෙනෙකු ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නිවාස සංකීර්ණ කිහිපයකින් කම්බි සහ වයර් සොරකම් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් හතර දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අවසන් වෙමින් පවතින බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS