සූදු ක්‍රීඩා කළ විදේශිකයින් පිරිසක් අල්ලයි



සූදු ක්‍රීඩා කළ විදේශිකයන් පිරිසක් ඕමාන් රාජකීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ විලායට් හි ඉස්කි නගරයේ ඔවුන්ගේ නිවස තුළ සූදු ක්‍රීඩා කළ විදේශිකයන් නව දෙනෙකු ඕමාන් රාජකීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිවසින් විශාල මුදල් ප්‍රමාණයක් සහ සූදු යන්ත්‍රයක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව අනාවරණය විය.

නීතිමය ක්‍රියාමාර්ග අවසන් වෙමින් පවතින බව ඕමාන් රාජකීය පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online මස්කට් නුවර)

RECOMMEND POSTS