සූකර උණෙන් 7 මරුට



ජෝර්දානයේ අම්මාන් නුවර පුද්ගලයන් හත්දෙනෙක් සූකර උණ (H1N1) වෛරසය වැළදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

වෛරසයට ගොදුරු වු පුද්ගලයින් තුන්සිය හැත්තෑ හයදෙනෙක් (376) ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

සූකර උණ වෛරසය වැළදීපෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හතළිහක පමණ පිළිකා රෝගි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම්, වෛද්‍ය අද්නාන් ඉෂාක් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS