සිරියාවේ යළිත් විරෝධතා



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ සිරියානු රජයට එරෙහි විරෝධතා යළිත් ආරම්භ වී ඇත. එරට රජයේ පාලනය සහිත ප්‍රාන්ත රැසක මෙසේ විරෝධතා පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිරියානු ජනාධිපති අසාද්ට එරෙහිව එරට විරෝධතා ආරම්භ වූයේ 2011 දීය. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාවෙන් ප්‍රංශයෙන් අවි ලැබෙද්දී, එම අවි අතට ගෙන ශක්තිමත් වූයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි.

අලුතින් විරෝධතා ආරම්භ වී ඇත්තේ ස්වෙයිඩා සහඩෙරා යන ප්‍රාන්තවලය. මෙම ප්‍රාන්ත ඇත්තේ සිරියාවේ දකුණු දෙසිනි. 2011 දී ජනාධිපති අසාද් සහ රජයට එරෙහිව විරෝධතා හටගත්තේ සිරියාවේ උතුරු දෙසිනි. අද වනවිටත් සිරියාවේ උතුරු දෙසින් පිහිටි ප්‍රාන්ත විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයේ පවතී.


RECOMMEND POSTS