සිරියාවේ අයි.එස්. නායකයා මරා දැමේ



සිරියාවේ අයි.එස්. නායක අබ්ද් අල් හාදි මහුමුද් අල් හජී අලී ඝාතනය කළ බව ඇමෙරිකා පවසයි. ඇමෙරිකන් හමුදාව, අල් හජී අලී ඝාතනය කර ඇත්තේ සිරියාවේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.

මෙම මෙහෙයුමට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදාගෙන ඇත. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අල් හජී අලී සැඟවී සිටි ස්ථානය වටලා පහර දුන් බවත්, එම ප්‍රහාරයෙන් අල් හජී අලී මියගිය බව තහවුරු වූ බවත් ඇමෙරිකන් හමුදාව පවසා තිබේ.

මැදපෙරදිග කලාපයේ මෙන්ම, යුරෝපයේ ද ත්‍රස්ත ප්‍රහාර සැලැසුම් කළ අයි.එස්. නායකයකු ලෙස අල් හජී අලී සැලකිය හැකි බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දෙයි.

ඇමෙරිකන් හෙලිකොප්ටර් ප්‍රහහාරයෙන්, අල් හජී අලී පමණක් නොව, තවත් අයි.එස්. සාමාජිකයන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS