සිරියාවට ආධාර දෙන්න විදියක් නෑ



සිරියාවේ ඇලෙප්පෝ නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වුණු ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපොළ කටයුතු මේ වනවිට අඩපණ වී ඇති බවත්, සිරියාවට මානුෂීය ආධාර ලබා දීම ඒ අනුව ගැටලුවක් වී ඇති බවත් ඇමෙරිකාව කියයි.

ඇලෙප්පෝ යනු සිරියානු රජයට එරෙහිව යන විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින නගරයයි.

පසුගිය පෙබරවාරි 6 වැනිදා භූමි කම්පාවෙන් හානි වූයේ ද ඇලෙප්පෝ නගරය සහ ඒ අවට පළාත්වලටය. භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී ආධාර ලබා දීම සිදු කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS