සිරියානු සරණාගතයා ජර්මනියේ නගරාධිපති



සිරියාවේ සිවිල් යුද ගැටුම්වලින් බේරී, මීට අට වසකරට පෙර, සංක්‍රමණිකයකු ලෙස ජර්මනියට ආ රයියාන් අල්ෂෙබ්ල් අද වනවිට ජර්මනියේ Ostelsheim නමැති කුඩා නගරයේ නගරාධිපති ධුරය හොබවන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි.

රයියාන් අල්ෂෙබ්ල්, Ostelsheim  නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය සිකුරාදා සවසය .

නගරාධිපති ධුරය වෙනුවෙන් තරග කළ අවස්ථාවේ දී සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට රයියාන් අල්ෂෙබ්ල් ට හැකියාව ලැබුණි.

සංක්‍රමණිකයකු ලෙස ජර්මනියට පැමිණ, ජර්මන් නගරයක නගරාධිපති ධුරයට පත් පළමු තැනැත්තා රයියාන් අල්ෂෙබ්ල් යැයි අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS