සිරියානු සටන්කාමීන් සමඟ කටාරය සාකච්ඡා
සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා පැවැත්වූහ.
සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට හැකිවූයේ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ සහාය ඇතිවය. කටාර් ඇතුළු සිරියාවේ අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන් මේ වනවිට සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ නායකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
කටාර් රාජ්‍යය පවසා ඇත්තේ තම නියෝජිතයන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සාමාජිකයන් හමුවී සාකච්ඡා කළේ, බල හුවමාරුවක් සිදුවන මෙම සංක්‍රාන්ති සමයේ එම කටයුතු සාමකාමීව සිදුවන්නේ කෙසේදැයි සම්බන්ධව සහ රටේ පොදු ආයතනවල කටයුතු සිදුවන්නේ කෙසේදැයි යන්න පිළිබඳවය.
මේ අතර සිරියාවේ නව පාලකයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට තමන් කැමැති බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පවසා ඇත. එසේ වුවත්, අල් කයිඩාව හා සම්බන්ධ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සිරියානු විපක්ෂය සමඟ සිටීම සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ජර්මනියත් ප්රංශයත් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)