සිරියානු දරුවන් ආපසු පාසල්වලට



භූමි කම්පාවෙන් හානි සිදුවුණු සිරියාවේ වයඹදිග පළාතේ දරුවන්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර තිබේ.

සිරියාව ද දෙදරා ගියේ පසුගිය 6 වැනිදා තුර්කිය කැලැඹූ ප්‍රබල භූමි කම්පාව හේතුවෙනි. භූමි කම්පාවෙන් හානි සිදුවූයේ සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් යටතේ පවතින ප්‍රදේශවලටය.

එම ප්‍රදේශවල පාසල් බොහොමයක් ද භූමි කම්පාවෙන් බිමට සමතලා වී තිබේ. නිවාස බිමට සමතලා වීමෙන් සුන්බුන් අතරේ සිරවුණු දරුවන් ද බොහෝ දෙනෙකි.

භූමි කම්පාවෙන් විනාශ වුණු සිරියාවේ පාසල් ගණණ 250 කි. මේවා ඉඩ්ලිබ් පළාතේ පිහිටා ඇත. අනෙක් සිරියානු නගරවල විනාශයට පත්වුණු නිවාස ගණන 203 ක් යැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS