සාමය සඳහා නව යෝජනාවක්
සාමය සඳහා එක්සත්වීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ 377 වැනි යෝජනාව ක්‍රියාත්මක කර, ඊශ්‍රායල හමාස් ගැටුම් වහා නවත්වන්නැයි ඊජිප්තුව සහ මුරිෂානියාව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් හදිසි සැසියක් හෙට (11) පැවැත්වෙනු ඇත.
ඊජිප්තුව මෙන්ම, මුරිෂානියාව ද උතුරු අප්‍රිකානු කලාපයට අයත් රටවල් දෙකකි. එක්සත් ජාතීන්ගේ 377 වැනි යෝජනාව ක්‍රියාත්මක කර, සටන් නවත්වන්නැයි ඊශ්‍රායල රජයටත්, හමාස් සංවිධානයටත් බල කිරීම, ඊජිප්තුවේත්, මුරිෂානියාවේත් අරමුණ බව පැවැසෙයි.