සාම ත්‍යාගය ඉරාන ක්‍රියාකාරිනියට
ඉරාන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මානව ක්‍රියාකාරිනියක වන ඉරාන ජාතික කාන්තාවකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ඇය නර්ගීස් මොහොමාද්දීය.
තැලී පෙලී පීඩාවට පත්වන ඉරාන කාන්තාවන් වෙනුවෙන් හඬ නගමින්, එම කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සටන් කරන මානව ක්‍රියාකාරිනියක ලෙස නර්ගීස් මොහොමාද්දී හඳුන්වා දෙන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව පවසා තිබේ.
51 හැවිරිදි නර්ගීස් මොහොමාද්දී මේ වනවිට ඉරානයේ තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින් සිටී. ඒ, ඉරාන කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට, ඉරාන රජයේ උදහසට ලක් වෙමිනි.
(අල් ජසීරා)