ස්විඩනයත් ‘නේටෝ’ හවුලට



ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට තුර්කිය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ස්වීනඩ අග්‍රාමාත්‍ය ස්වීඩන අග්‍රාමාත්‍ය යුල්ෆ් ක්‍රිස්ටෝර්සන් සහ නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් අතර විශේෂ හමුවක් ලිතුවේනියාවේ විල්නුයිස් නුවර පැවැත්වුණු අතර එහිදී තුර්කි ජනාධිපතිවරයා ස්ඩීනය අග්‍රාමාත්‍යවරයාටත්, නේටෝ මහ ලේකම්වරයාටත් පෙන්වා දුන්නේ ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් තුර්කියේ විරෝධයක් නොමැති බවය.

ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකත්වය අයැදුම් කළේ මීට වසරකට පමණ පෙරය. කිසියම් රටක්, ‘නේටෝ’ සාමාජිකයකු වීමට නම්, සෙසු සියලු සාමාජික රටවල අනුමැතිය එම රටට හිමිවිය යුතුය. තුර්කිය, ‘නේටෝ’ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි.

ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය දීමට තුර්කිය අදිමදි කළේ එය තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි බිය පළ කළ බැවිනි. තුර්කිය රජය විසින් ‘ත්‍රස්තවාදීන්’ සහ දේශද්‍රෝහීන්’ යනුවෙන් නම් කළ විපක්ෂ ක්‍රියාකාරීන්ට රැකවරණ දෙන්නේ ස්වීඩනයයි. තුර්කියේ කනස්සල්ලට මෙය හේතුවක් වී තිබේ.
කෙසේ නමුත් තුර්කි පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ, ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය දීම තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවය.

ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට තුර්කියේ අනුමැතිය හිමිවීම ලෝක ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් යැයි නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් පැහැදිලි කළේය. ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු බටහිර සහ යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජව පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.

මේවනවිට ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයන් ගණන 31 කි. රුසියාවෙන් එල්ල වුණු තර්ජන පිටුදැකීමේ අරමුණින්, ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැනීම සිදුවූයේ 1949 වසරේදීය. බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලුක්සෙන්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව එක් වී ‘නේටෝ’ සංවිධානයට පිහිටුවා ගැනීම සිදුවිය. තුර්කිය නේටෝ සාමාජිකත්වය ලබා ගත්තේ 1952 වසරේදීය. අවසන් වරට ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටි රාජ්‍යයන් වන්නේ ෆින්ලන්තය සහ ස්වීඩනයයි.

ෆින්ලන්තයට බාධාවකින් තොරව සාමාජිකත්වය ලැබෙනු ඇති බව ‘නේටෝ’ මහ ලේකමාවරයා පැහැදිලි කර තිබේ. ෆින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සැලකිල්ලට ගනිමිනි. රුසියාවේ අසල්වැසියා යුක්රේනයයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ත්‍රියා මාර්ගයක් අනුගමනය කළේ බටහිර හිතවාදී යුක්රේන රජය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.


RECOMMEND POSTS