ස්ත්‍රී දූෂකයන් තිදෙනා එල්ලා මරයි
ව්‍යාජ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රටවා ඔවුන් එහි ගෙන්වා ගනිමින්, ඔවුන්ට අතවර කළේ යැයි ඉරාන අධිකරණයක් හමුවේ වරදකරුවන් වූ තිදෙනකු එල්ලා මරා දැමුණි.
මෙම තිදෙනා කාන්තාවන් 12 දෙනකුට අතවර කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වී ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2021 වසරේ දී චෝදනා සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම හිමිවුණු අතර, ‘බණ්ඩාර් අබ්බාස්’ බන්ධනාගාරයේ දී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණි.